Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

අනුන්ගේ ක්‍රියාවන් ගැන පිරිසිදු අපිරිසිදු බව ගැන නොසොයන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

මේ මොහොතේ ජාතියේ වගකීම කුමක්‌ද?

සෝම හිමියන් සැබවින්ම කැපවූයේ පරාර්ථ සේවය සඳහාය. සිංහල බෞද්ධ ප්‍රබෝධයේ මූලිකයා "සෝම හිමි" ඝාතනය කළ මූලධර්මවාදී කුමන්ත්‍රණය නැවත සිහි කරමු! සෝමහිමි මතකය මෙන්ම ඒ හරහා ඇතිවූ ආගමික ප්‍රබෝධය බොහෝ දෙනා අමතක කර ඇත!

සෝමහිමියන්ගේ අපවත්වීමත් සමග සිංහල බෞද්ධකමට විශේෂ තැනක්‌ ලැබුණේ හෙළ උරුමයට ඡන්ද ලක්‍ෂ 05 ක්‌ ලැබුණේ මේ ජාතික ප්‍රබෝධය  නිසාය... නමුත් 'පනත' පාර්ලිමේන්තුවේ පුස්‌කයි ?

 අද එදාට වඩා සෝම හිමියන්ගේ අඩුව හොඳින් දැනේ !

 සෝම හිමියන් නිසා ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයෙන් පිම්බුණු රටේ නමගිය ධර්ම  කථිකයින්වූ සමහර භික්‍ෂූන් අද බෞද්ධයින්ට වංචාකර නොමැතිද?

 වර්තමාන ශාසන විරෝධීන්ගේ ක්‍රියාවන්...?

• බෞද්ධ ප්‍රබෝධය යටගැසීමට කිසිවකුට ඉඩදිය යුතු නැත....

2003 සැප්තැම්බර් 14 වැනිදා මහනුවර මහමළුවේදී පැවැත්වූ බොදු සමුළුවක ප්‍රධාන දේශකයා ලෙස පූජ්‍ය ගංගොඩවිල සෝමහිමියෝ සහභාගි වූහ. එම රැස්‌වීමේ සිය කථාව පවත්වමින් සිටින අතරතුර උන්වහන්සේ විශේෂ ලිපියක්‌ ගෙන ප්‍රදර්ශනය කළහ. එම ලිපිය ප්‍රදර්ශනය කරමින් සෝම හිමියන් ප්‍රකාශ කළේ තමන්වහන්සේ ඝාතනය කිරීමට ක්‍රිස්‌තියානි මූලධර්මවාදී සංවිධානයක්‌ මුදල් යොදවා ඇති බවය. ඇත්තෙන්ම සෝමහිමියන් අපවත්වීමට පෙර සහභාගිවූ අවසන් රැස්‌වීම එයයි.

2003 දෙසැම්බර් 12 වැනිදා සෝමහිමියන් රුසියාවේ පීටර්ස්‌බර්ග් නුවරදී හදිසියේ අපවත්වූයේ මෙරට සිංහල බෞද්ධයන්ව සෝ සයුරක ගිල්වමිණි. වර්තමාන සිංහල බෞද්ධ ප්‍රබෝධයේ මූලිකයා වූ උන්වහන්සේ පිළිබඳ මතකය මෙරට දෑ හිතකාමී ජනතාවට ලෙහෙසියෙන් අමතක කළ නොහැක.

සෝමහිමි අපවත්වීමත් සමග මෙරට බෞද්ධයන් විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයෝ තමන්ට එරෙහිව මූලධර්මවාදී කුමන්ත්‍රණයක්‌ සිදුවන බව පැහැදිලිව අවබෝධ කර ගත්හ. එනිසාම ජීවත්වු සෝමහිමියන්ට වඩා අපවත්වූ සෝමහිමියන්ගේ බලපෑම වඩාත් ප්‍රබල විය.

2001 පිහිටුවාගත් රනිල් වික්‍රමසිංහ ගේ එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුව 2004 දී බිඳ වැටීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූයේ සෝමහිමි අභාවයයි.

එදා එජාප ආණ්‌ඩුව වෙසක්‌ සතියේදී විදුලිය අරපිරිමැසීමට අවශ්‍ය යෑයි කියමින් තොරණවලට විදුලි පහන් දැල්වීමට අවසර දුන්නේ දින පහක්‌ පමණි.

එහෙත් නත්තල වෙනුවෙන් මුළු දෙසැම්බර් මාසය පුරාම විදුලි බල්බ එල්ලා සැරසිලි කරන්නැයි රට පුරාම පොලිසිවලට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හරහා දැනුම්දී තිබිණි.

එක්‌සත් ජාතික පක්‍ෂයට ඡන්දය දුන් බෞද්ධයෝ පවා සෝමහිමියන්ගේ හදිසි අභාවයත් සමග සිය පක්‍ෂය කෙරෙහි කළ කිරෙන්නට වූහ.

එනිසාම 2004 මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයට ආසන 9 ක්‌ ලබා ගැනීමට හැකි විය.

හෙළ උරුමයට ඡන්ද ලක්‍ෂ 05 ක්‌ ලැබුණු අතර එයින් ලක්‍ෂ 03 ක්‌ ම එක්‌සත් ජාතික පක්‍ෂයට හිතැති සිංහල බෞද්ධයන් ලබාදුන් ඡන්ද වේ. මේ බව එජාපයේ හිටපු සභාපතිවරයකුම ප්‍රකාශ කර තිබිණි.

2004 න් පසුව ජාතික හෙළ උරුමයේ දේශපාලන ක්‍රියාවලිය ගැන කථා කිරීමට දැන් අවශ්‍ය නැත. නමුත් සෝමහිමියන්ගේ අපවත්වීමත් සමග සිංහල කමට බෞද්ධකමට විශේෂ තැනක්‌ ලැබුණේ මේ ජාතික ප්‍රබෝධයක්‌ ඇතිවූ නිසාය.

එනිසාම 2005 නොවැම්බර් 17 වැනිදා මහින්ද රාජපක්‍ෂය බල යට ඒමට හැකිවිය. 2005 දී මෙරට සෑම සිංහල බෞද්ධ පුද්ගලයින් තිදෙනකුගෙන් දෙදෙනකු ඡන්දය ලබාදුන්නේ මහින්ද රාජපක්‍ෂටය.

මේ අතීතය අද නැවතත් සිහි කරන්නේ මන්ද? සෝමහිමි මතකයේ මෙන්ම ඒ හරහා ඇතිවූ ආගමික ප්‍රබෝධය බොහෝ දෙනා අමතක කර ඇති නිසාය. සෝමහිමි නිසා ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය හරහා රටේ නමගිය ධර්ම කථිකයින්වූ සමහර භික්‍ෂූන්ගේ අද ක්‍රියාකලාපය කෙසේද?

සෝම හිමි මෙන්ම රූපවාහිනිය හරහා ධර්ම කථිකයන්වී අවසානයේ අද සිදුකර ඇත්තේ කුමක්‌ද?

 ථිරවාදයටත් ගරහමින් මෙරට සිංහල බෞද්ධ සංස්‌කෘතියටත් ගරහමින් "සමන්තභද්‍ර" වීම නොවේද?

සෝම හිමියන් නිසා ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයෙන් පිම්බුණු මොවුහු අද බෞද්ධයින්ට වංචාකර නොමැතිද?

බුදුන් වැඩසිටි කාලයේ ශාසන විරෝධීව හැසිරුණු ජබ්බග්ගිය පුනබ්බසුඛ භික්‍ෂුන්ගේ ක්‍රියාකලාපයන්ද අපට මේ වර්තමාන ශාසන විරෝධීන්ගේ ක්‍රියාවන් දෙස බලද්දී සිහිපත් වේ.

බුදු දහමේ අත්තිවාරම පරාර්ථ සේවයකි. දීපංකරාදී මූලයේදී සුමේධ තාපසගේ තමන්ට නිවන් සැප ලබාගැනීමට හැකියාව තිබුණද ලෝකයාගේ හිතසුව වෙනුවෙන් සේවය කිරීම සඳහා අධිෂ්ඨානකර මතු බුදු බව පැතූහ.

සෑම බෞද්ධයකුටම තමන්ගේ නිවන් සැපය පවා අනුන් වෙනුවෙන් අත්හැරීමට ශක්‌තිය තිබිය යුතු බව මහාචාර්ය වල්පොල රාහුලහිමියන් විසින් රචිත භික්‍ෂුවගේ උරුමය ග්‍රන්ථයේ සඳහන් වේ.

සෝම හිමියන්ද සැබවින්ම කැපවූයේ පරාර්ථ සේවය සඳහාය. මූලධර්මවාදී ආක්‍රමණයෙන් බෞද්ධයන් ගලවා ගැනීම සඳහාය. බෞද්ධයාට නිසි මග පෙන්වනු පිණිස සෝම හිමියෝ පැයක්‌ නොව පැය තුනක්‌ බණ දෙසූහ. වෙනදා මෙන් ඒ බණ අසන්නට පැමිණියේ මහලු උපාසිකාවන් පමණක්‌ නොවේ. තරුණ තරුණියෝ දහස්‌ ගණනින් සෝමහිමිගේ බණ අසන්නට පැමිණියහ.

ඇත්තෙන්ම මෑත කාලයේ වඩාත් විවාදිත භික්‍ෂු දේශපාලන චරිතය වූයේ පූජ්‍ය ගංගොඩවිල සෝමහිමියන්ය. එනිසාම සෝම හිමියන්ගේ හදිසි අභාවය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌යෑයි රට පුරා ප්‍රචාරයවීමත් සමග බෞද්ධයෝ කලබල වූහ.

එම නිසාම ජීවත් වූ සෝම හිමියන්ට වඩා අපවත්වූ සෝම හිමියන් ප්‍රබල විය. දශ ලක්‍ෂයකට අධික බෞද්ධයෝ සෝමහිමියන්ට අවසන් ගෞරවය දැක්‌වීම සඳහා පැමිණියහ. රට පුරා කහකොඩි එසැවිණි. ඒවා මහරගමට හෝ බම්බලපිටියට සීමාවූයේ නැත.

මේ මොහොතේ ජාතියේ වගකීම කුමක්‌ද?

සෝම හිමි නිසා බලයටපැමිණි දේශපාලන බලවේගවලට මූලධර්මවාදීන්ගේ ආගමික ආක්‍රමණය නැවැත්විය හැකි පනත ගෙන ඒමට හැකිවූයේ නැත.?

එම පනත පාර්ලිමේන්තුවේ පුස්‌කයි. එයට වගකිව යුත්තෝ කවරහුද? එදා පැවැති බෞද්ධ ප්‍රබෝධය අද යම් පමණකට පසු බැස ඇත්ද?

එම බෞද්ධ ප්‍රබෝධය යටගැසීමට කිසිවකුට ඉඩදිය යුතු නැත. මන්ද විවිධ කුමන්ත්‍රණකාරී ඉවැන්ජලිකල් බලවේග උත්සහ කරන්නේ මෙරට බෞද්ධ බලය විනාශ කිරීම සඳහාය. රාවතාවත්තේ ප්‍රේම් නිවස නම් ළමා නිවාසය ළමාරක්‌ෂණ අධිකාරිය මගින් හා පොලිසිය මගින් පසුගියදා වටලනු ලැබීය. මෙය කතෝලික පල්ලියේ බලවත් සිත්තැවුලට හේතුවක්‌ වී ඇත. කාදිනල් මැල්කම් රංජිත් බිෂොප්තුමා පවසන්නේ මේ හේතුව නිසා තමා රාජ්‍ය උත්සව වර්ජනය කරන බවයි.

මදර් තෙරේසා අනාථ නිවාසය ගැන කතෝලික පල්ලිය එතරම් කලබල වන්නේ ඇයි? එය ශ්‍රී ලංකා රාජ්‍යය සමග තරහවීමට හේතුවක්‌ද?

මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් ළමා අපචාර චෝදනා මත අත්අඩංගුවට පත්වූ විට මහානායක හිමිවරු රාජ්‍ය උත්සව වර්ජනය කළේද? නැත. ප්‍රේම් නිවසේ සිද්ධිය බලෙන් යටපත් කිරීමට උවමනාව ඇත්තේ කාටද? මේවා ගැන කථා කරන්න නිසි බෞද්ධ නායකයෙක්‌ නැත.

අද එදාට වඩා සෝම හිමියන්ගේ අඩුව හොඳින් දැනේ. මන්ද මිෂනාරී බලවේග වේගයෙන් කලඑළි බැස ඇති නිසාය.

චතුර පමුණුව

සද්පුරුෂයෝ

සද්පුරුෂයෝ විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු... ඉතිරිය..

සුදන ඇසුර සදයි සැපත

ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත්... ඉතිරිය..

සත්පුරුෂයෙකු වීමට බියද?

අප ගිහි බෞද්ධ පිරිස පිංකමක් කිරීමට යනවිට මුලින්ම අපේ ස්වාමීන් වහන්සේලා විසින් පන්සිල්වල පිහිටුවනු ලැබේ. මෙම පන්සිල් ගැනීම නිසා ඔවුහු සිල්වත් ගිහියන් බවට පත්වෙති. ඉන්පසු ස්වාමීන්වහන්සේලා පිරිස අමතන්නේ "ශ්‍රද්ධාවන්ත, සත්පුරුෂ පින්වතුනි" කියමිනි.... ඉතිරිය..

සරු දේ ලබන්නෝ

නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි. යමක වග්ගෝ - සාරංච සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ, තෙ සාරං අධිගච්ඡුන්ති - සම්මාසංකප්පගෝචරා - (සංජය පිරිවැජියන්  වෙනුවෙනි). සරු දෙය සරු ලෙස                 ම නිසරුව... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රව…

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි.... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්

කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි. මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ... ඉතිරිය..

හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි

වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත... ඉතිරිය..

වෙසක් ලංකාවේ පැවති පැරණිම අවුරුදු උත්සවය…

බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී මහා බොධි ශාඛාවක් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ වැඩ සිටවූයේ වෙසක් මහා පුන් පෝදාකය. සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියෙහි ආරම්භය මෙයයි. 'සිංහල අවුරුද්ද' එදා... ඉතිරිය..

කල්‍යාණමිත්‍ර සම්පත්තිය

  සාර්ථක වූ සෑම ජීවිතයකම පසුපස හොඳ මිතුරෙක් සිටී. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම හොඳ නරක මිතුරන් සිටී. මිත්‍රත්වය යනු කෙනෙකු රූපයෙන් පමණක් දන හඳුනා ගැනීම නොවේ. නියම තිරසාර හඳුනාගැනීම තමා යමෙකු... ඉතිරිය..

අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. ය…

සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත... ඉතිරිය..

ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම

අපි හැම දෙනාම කවුරුන් හෝ ඇසුරු කරමු. ඔවුන් හා ඇසුරට අප පත් වූයේ කෙසේදැයි බොහෝ විට අපි නොදනිමු. කවර හෝ අයුරකින් ඔවුන් හා ඇසුරට අප පත්ව සිටිමු. මේ අතරම නොයෙකුත්... ඉතිරිය..