Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

උපේක්ෂාව දියුණුව වඩන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. යථාර්තය වර්තමානයයි

සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත කම්පා කරවන මතකයන්ද අතීතයේ ගැබ්වී ඇත. මේ හැම අවස්තාවක්ම යම් දිනක අප ගතකළ වර්තමානයන්ය. ගතකරන වර්තමානයේ කාල පරාසය  කෙතෙක්ද යන්න අතීතයට ගිය සිද්ධියට සාපේක්ෂවයි බැලිය යුත්තේ. විභාගයකට සැරසෙන දරුවා ඒ සඳහා ගතකළ වර්තමානය අවුරුද්දක් විය හැක. අකුණු සැරයක් වැදී මියගිය සිද්ධියක් අතීතයට ගියේ ක්ෂණයක තරම් වර්තමාන කාලයකදීය. යථාර්තය නම් සිද්ධිය කුමක් වුවත් වර්තමානය තියෙන්නේ මොහොතක් පමණයි.මේ මොහොතයි. 'මේ මොහොත' යන වචන දෙකේ '' අකුර කියවන විට 'මේ' අකුර අතීතයට ගිහින්. ඒ වාගේමයි 'මේ' අකුර කියවනවිට '' අකුර කියවන කාලය තවමත් අනාගතයයි. මේ අනුව බැලුවහම වර්තමානය තියෙන්නේ ක්ෂණයක් පමණයි. උපන්දා සිට මේ මොහොත දක්වා ගතවූ සෑම මොහොතක්ම ඒ කළ කී සෑම දෙයක්ම දැන් අතීතය වී ඇත. 

අනාගතය යැයි අප කියන්නේ මේ මොහොතට පසුව එන මරණය දක්වා ඇති සියලුම මොහොතයන් වලටය. අනාගතය අප දැක නැත.විඳ නැත. අනාගතය අප සැලසුම් කරනවා විය හැක. සෑම විටම අනාගතය අප සැලසුම් කරන්නේ සුභවාදී දෙයක් සඳහාමය. ඒවා සමහර විට සිහින මාලිගාවන් විය හැක. අනාගතය ගැන මනසේ ඇතිවන්නේ චිත්ත රූප සමුදායක් පමණි. අනාගතය ගැන මවාගත්, සැලසුම් කළ, අපෙක්ෂාවන් ලබුනාද යන්න නිගමනය කැල හැක්කේද මේ මොහොතේම පමණි. මෙසේ සිතන විට අතීතය කියන්නේත්, අනාගතය කියන්නේත්, මේ මොහොතම පමණි.

හොඳ අතීතයක් තිබුණා යයි සතුටු විය හැක්කේ අතීතයට ගිය ඒ මොහොත හොඳ උනා නම් පමණි. අනාගතය වෙනුවෙන් කළ ශුභවාදී අපෙක්ෂාවන් ඉටු වුණා යයි කිව හැක්කේ දැන් ගත කරන මේ මොහොත ශුභදායක නම් පමණි.මෙසේ බලන විට අතීතයත්, අනාගතයත්, දෙකම, මේ මොහොතම තමයි. වර්තමානය කොතරම් කෙටි කාලයක් ද? ක්ෂණයෙන් අප වෙත ලඟාවී අතීතයට යන මේ මොහොත සුන්දර මොහොතක් කරන්නට, ශුභවාදීව ගත කරන්නට අප උත්සාහ කරන්නේ නම් අතීතය සුන්දර අතීතයක් වනු නොඅනුමානයි.

ඒ වාගේමයි අනාගතයත්. කොතකුත් අනාගත සිහින මාලිගා මැවුවත්, අසීමිත අපේක්ෂාවන් තිබුණත්, ඒවා සපුරා ගැනීමට එළඹුණු මොහොතේ උත්සුක නොවුවහොත් අනාගත පැතුම් සුන්වේවි. මැවූ සිහින මාළිගා කැඩී බිඳී යාවි. යථාර්තය වර්තමානයයි. මේ මොහොතයි. එය හරි හැටි ගත කරන්නට  උත්සාහ ගනිමු.


- දිනුසිත් -

සද්පුරුෂයෝ

සද්පුරුෂයෝ විල නිසා මල ඉපදිනි. මල නිසා විල පිවිතුරුය. පුද්ගලයා නිසා සමාජය සුන්දර විය. සමාජය නිසා පුද්ගලයා සුන්දර විය. අතීත සමාජය අජීවි දෙයට ද කෘතවේදි විය. ගහ කොළ ආදි ස්වභාවික වස්තු... ඉතිරිය..

සුදන ඇසුර සදයි සැපත

ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත් ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව සපයා ගත්... ඉතිරිය..

සත්පුරුෂයෙකු වීමට බියද?

අප ගිහි බෞද්ධ පිරිස පිංකමක් කිරීමට යනවිට මුලින්ම අපේ ස්වාමීන් වහන්සේලා විසින් පන්සිල්වල පිහිටුවනු ලැබේ. මෙම පන්සිල් ගැනීම නිසා ඔවුහු සිල්වත් ගිහියන් බවට පත්වෙති. ඉන්පසු ස්වාමීන්වහන්සේලා පිරිස අමතන්නේ "ශ්‍රද්ධාවන්ත, සත්පුරුෂ පින්වතුනි" කියමිනි.... ඉතිරිය..

සරු දේ ලබන්නෝ

නිස්සාර දේ සාර ලෙසත් සාර දේ නිස්සාර ලෙසත් පිළිගෙන පිරිහුණු හැටි. යමක වග්ගෝ - සාරංච සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ, තෙ සාරං අධිගච්ඡුන්ති - සම්මාසංකප්පගෝචරා - (සංජය පිරිවැජියන්  වෙනුවෙනි). සරු දෙය සරු ලෙස                 ම නිසරුව... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සේවනය යනු නිවන් මඟට ප්‍රව…

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි තථාගතයන් වහන්සේගේ ධර්මයට පිවිසෙන අපට මේ සසර දුකින් එතෙර වීමට තිබෙන පළමු පියවර තමයි සෝතාපත්තියට පත්වීමට. සෝවාන් වීමට අප කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි.... ඉතිරිය..

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සංසාරික ලැබීමක්

කල්‍යාණ මිතුරු සංකල්පය උතුම් බෞද්ධ සංකල්පයකි. මෙත්තා යනුවෙන් ධර්මානුකූලව පෙන්වා දෙනු ලබනුයේ මිතුදමයි. “මෙත්තායිතස්ස මෙත්තාය පවත්තස්ස භාවෝ” - මෙත්තා යනු මිත්‍රත්වයේ ස්වභාවය යි. මිත්‍රයා යනු කවුද? “මිජ්ජති තායතීවාති මිත්තො” යමෙක්ගේ සතුටේ... ඉතිරිය..

හොඳ උපාසිකාවක් වන්නේ මෙහෙමයි

වර්තමානයේ වගේම අතීතයේදීත් පිරිමින්ට වඩා කාන්තාව ආගම, දහමට නැඹුරුවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. කාන්තාව ආගමික හික්මීමක් ලැබිම නිසා, සමාජයේ යහපැවැත්ම රඳා පවතින බවත් කාන්තාව නොහික්මුණු අශීලාචාර ගතිවලින් යුක්ත වුවහොත් සමස්ත... ඉතිරිය..

වෙසක් ලංකාවේ පැවති පැරණිම අවුරුදු උත්සවය…

බුදුදහම ලංකාවේ ස්ථාපිත වීමත් සමග දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී මහා බොධි ශාඛාවක් අනුරාධපුරයේ මහමෙවුනා උයනේ වැඩ සිටවූයේ වෙසක් මහා පුන් පෝදාකය. සිංහල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියෙහි ආරම්භය මෙයයි. 'සිංහල අවුරුද්ද' එදා... ඉතිරිය..

කල්‍යාණමිත්‍ර සම්පත්තිය

  සාර්ථක වූ සෑම ජීවිතයකම පසුපස හොඳ මිතුරෙක් සිටී. ඒ අනුව සෑම මනුෂ්‍යයෙකුටම හොඳ නරක මිතුරන් සිටී. මිත්‍රත්වය යනු කෙනෙකු රූපයෙන් පමණක් දන හඳුනා ගැනීම නොවේ. නියම තිරසාර හඳුනාගැනීම තමා යමෙකු... ඉතිරිය..

අතීතයත් වර්තමානයත් නාම මාත්‍රයන් පමණි. ය…

සැනසිලි සුවයෙන් සිටින විටෙක මුවගට සිනා රැල්ලක් නැගෙන, ඇසට සතුටු කඳුලක් උනන, අතීතයට ගිය ජීවිතයේ ගතවී ගිය අවස්ථා අප සෑම කෙනෙකුටම ඇත. ඒවාගේම පසුතැවිල්ලට හේතුවන දේ මෙනෙහි කිරීමටවත් අකමැති, සිත... ඉතිරිය..

ඇසුරට සුදුස්සන් තෝරා බේරා ගැනීම

අපි හැම දෙනාම කවුරුන් හෝ ඇසුරු කරමු. ඔවුන් හා ඇසුරට අප පත් වූයේ කෙසේදැයි බොහෝ විට අපි නොදනිමු. කවර හෝ අයුරකින් ඔවුන් හා ඇසුරට අප පත්ව සිටිමු. මේ අතරම නොයෙකුත්... ඉතිරිය..